අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට ගිය වර්ෂයේ 2013 දෙසැම්බර 08 දා වැටුණු උල්කා කැබලි වලින් විශ්වීය ජීව සාධක රැසක් සොයා ගෙන ඇති බව එංගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාරය චන්ද්‍රා වික‍්‍රමසිංහ ස්කයිප් ඔස්සේ පැවසීය.
එහි තොරතුරු ලොව ප‍්‍රකට තාරකා ජීවී විද්‍යා සඟරාවක් වන ඇමරිකාවෙහි ජර්නල් ඔෆ් කොමෝලොජි සගරාවෙහි පෙබරවාරී කලාපයේ පළවී ඇති බව හෙතෙම සදහන් කළේය.
මෙහි මූලික පරීක්‍ෂණ වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න විසින් කැරුණු අතර උල්කා කොටස්හි අභ්‍යන්තර ව්‍යූහ පිළිබද ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂ පරීක්ෂණ ශ‍්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ විද්‍යාඥ ඒ ඩී එම් දමයන්ති විසින් කැරිණි.
එහිදී කරුණු රැසක් ලොවට හෙළිදරව් වූ බව එම සඟරාවෙහි දැක්වේ.
මෙමගින් උල්කා කොටස්හි අභ්‍යන්තර ව්‍යූහයන් හි මතුපිට ස්භාවය පෙනෙන ආකාරයෙන් අධි තාක්‍ෂණික ක‍්‍රම භාවිතයෙන් පරමාණූ අංශවල දත්ත ලබා ගැනීමට විද්‍යාඥයෝ සමත් වුහ.
මෙම ඡායා රූප මගින් ප‍්‍රාග් කේන්ද්‍රීය යුගයෙහි එනම් මීට වසර මිලියන 1400 ත් 3200ත් අතර කාලයේ පොසිලවල සිටි විශේෂ ක්ෂුද්‍ර ජීවීන්
මෙම උල්කා කැබලි හි සිටිබව වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය
මෙම උල්කා කැබලි වල හදුනානොගත් මූලද්‍රව්‍ය තිබීමද විශ්මය ජනක කාර්යයක් බව ඔහු පවසයි .
පොළොවේ සිට අඩි 30 000 ක් 41 000 ක් උඩට යැවූ බැලූනයකින් 2013 ජූලි මායේදී එංගලන්ත මහාචාර්යය මිල්ටන් චේන් රයිට් විසින් පරීක්‍ෂා කළ අභ්‍යවකාශ සිට වැටෙන උල්කා වල දුවිලි අංශු වල පරමාණූ අංශු ඡායාරූප ද අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට ගිය වර්ශයේ 2013 දෙසැම්බර් 08 දා වැටුණු උල්කා කැබලි හි පරමාණූ අංශු ඡායාරූප ද එක සමාන බව එම සඟරාවෙහි ද පළවී තිබේ.
1969 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් මර්චිසන් නගරයට වැටුණු උල්කා කොටස් හි පරමාණූ අංශු හි ඡායාරූප ද මීට සමාන වීම අදහාගත නොහැකි බවත් 2013 දෙසැම්බර් මස පෘතුවියට වැටුණු ටොරිඩ් නම් උල්කා වර්ෂාවෙහි කැබලි තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට වැටී අති බවත් ශී‍්‍ර ලංකාව සමකයට ආසන්න රටක් වීම හේතුවෙන් මෙලෙස ග‍්‍රහ වස්තු කොටස් කඩා වැටීම මගින් ලොව පුරා විද්‍යාඥයින් ශී‍්‍ර ලංකාව ට ඇලූම්කරන බවත් මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පැවැසීය .
මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා හා වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදී
ශ‍්‍රී ලංකාව වීශ්වීය ජීවිය පිළිබද ලොව සුවිශේෂි රටක් බවත් ශ්‍රී ලංකාවේ තාරකා ජීව විද්‍යාව පිළිබද පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට කඩිනමින් ක‍්‍රියා කිරීමට එකඟ වූ බවත් කියා ඇත.
ජනාධිපති මේ පිළිබද දැඩි කැමැත්තක් දැක්වීම අගය කළයුතු බව මහාචාර්ය වික‍්‍රමසිංහ මහතා පැවසීය. මේ පිළිබද වැඩිදුර තොරතුරු වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතාගෙන් 071 811 27 86 විමසිය හැකි බව හෙතෙම සදහන් කළේය.
( මහාචාර්ය වික‍්‍රමසිංහ මහතා තඹුත්තේගමින් සොයා ගත් උල්කාපාත කැබැලි බකින්හැම් සරසවියේ විද්‍යාගාරයේදී පිරික්සන අයුරු)

