(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල්11ක් අද (29)දින සිට තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය මිලාන් යහතුගොඩ මහතා පැවසිය.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ව්‍යාපාරිකයෙකුට කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු විම නිසා මෙම පියවර ගෙන ඇත.
මෙම ව්‍යාපාරිකයා පසුගිය 18 සහ 19 යන දින දෙකේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පසුව මීගොඩ බලා පිටත්ව ගොස් තිබුණි.
පසුව මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු විම නිසා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල් 11 ක්මෙසේ වසාදැමිමට පියවර ගෙන තිබේ.
වසා දමන ලද වෙළද සැල් සියල්ලම විෂබීජ හරණය කිරිමෙන් අනතුරැව ඒවා යළි විවෘත කිරිමට පියවර ගන්නා බවද වෛද්‍ය මිලාන් යහතුගොඩ මහතා පැවසිය.එම වෙළද සැල් හිමියන් මේ මස 31 දින පී.සි.ආර්.පරික්ෂණයකට යොමු කිරිමට නියමිතය.

