තමිල්නාඩුවේ වැඩ බලනන්න පන්නීර්සෙල්වම් පත් කරන්න යයි


තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් තවදුරටත් රෝගාතුරව පසුවන නිසා වැඩබලන මහ ඇමති ලෙස ඔි පන්නීර්සෙල්වම්   පත්කිරීම පිළිබදව තමිල්නාඩු ආණ්ඩුකාර විදයාශාකර් රාඕගේ අවධානය යොමුවී ඇතැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමගින් පෙරේදා සවස 06 සිට පැයකට ආසන්න කාලයක් ආණ්්ඩුකාරවරයා සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව සදහා ආණ්ඩුකාරවරය විසින් තමිල්නාඩු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන ඕ.පන්නීර්සෙල්වම් සහ ඊ.පලනිසාමි මෙන්ම ප්‍රධාන ලේකම්වරයාද කැදවා තිබිණි.

එම සාකච්ඡාවට අනුව ඕ.පන්නීර්සෙල්වම් වැඩබලන මහ ඇමතිවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජයලලිතා ජයරාම් රෝගාතුර වීමත් සමග තමිල්නාඩුවේ පාලනය මුළුමනින්ම ව්‍යාකූල තත්වයට පත්ව ඇතැයි විපක‍ෂයේ මන්තී්‍රවරුන් දොෂාරෝපණය කිරමත් සමග මෙසේ වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයෙකු පත්කිරීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවත් ජයලලිතා ජයරාම් පසුගිය මස 22 වනදා සිට රෝගාතුරවූ අතර මේ වන විට සිහිසුන්ව ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබයි

තමිල්නාඩුවේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවක් මත ජයලලිතා ජයරාම් සිරගත කර සිටියෙදී එහි වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වූයේද පන්නීර්සෙල්වම් ය.මීට වසර කිහිපයකට පෙරද ජයලලිතා ජයරාම් වෙනුවෙන් වැඩ බැලීමේ මහ ඇමතිවරයා ලෙස ඔහු කටයුතු කර ඇති අතර ජයලලිතාගේ විශ්වාසවන්තම සගයාද පන්නීරසෙල්වම් වේ