දකුණු ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන්ට හිරිහැර සිදුකිරීම හා නැවතත් කොටි හිතවාදී මතවාද පැතිරවීමට එරෙහිව මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී සංවිධානය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
ලන්ඩනයේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිකුරාදා (12 ) සවස 1.00 සිට 5.00 දක්වා මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මහා බ්‍රිතාන්‍යයේ විවිධ නගරවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මීට එක්වෙතිය කියති .