තමිල්නාඩුව අපේ මුහුද හුරන් කයි


 තමිල්නාඩු ධීවරයින්  පොක් සමුද්‍ර සන්ධිය අසල  මසුන් ඇල්ලීමෙන් දිනටකට ඉස්සන් ටොන් 100 ක්  ඒ සමාන ප්‍රමාණයක වෙනත් මසුන්  සහ කකුළුවන්  ටොන් 10 කට ප්‍රමාණයක් අල්ලා ගන්නා බව රාමේෂ්වයේදී  පැවති ධීවරයින්ගේ රැස්විමකදී අනාවරණය විය.

 මෙම රැස්වීම පැවැත් වුයේ  තමිල්නාඩු ධීවරයින් ට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන්  එල්ල වෙතියි  කියන හිරිහැර ගැන සාකච්ඡා කිරීමටය.

 මුහුදු යෑමේ කාළය පැය 24 සිට පැය 14 දක්වා අඩු කිරීමටද තීරණය විය.

 මේ තීරණය නිසා තමිල්නාඩු ධීවරයින්ගේ  අදායම  සියයට 35 කින්  අබුවන බවත්  අල්ලා ගන්නා මසුන්  වැඩ් හරියක්  ආනයයන කරන  නිසා  අපනයන අදායමද අඩු වන බව ධීවරයෝ කියති.

 ශ්‍රී ලංකා මුහුදු තීරයේ  මසුන් ඇල්ලීම නිසා  තමිල්නාඩු ධිවරයින් 49 දෙනකු  අත්අඩංගුවට ගැනීමට පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි විය.

 තමිල්නාඩු ධීවරයින්  ලංකා මුහුදු තිරයේ  මසුන් ඇල්ලිම නිසා  තමන්ට  මසුන් අල්ලා ගැනීමට  නොහැකි වු බව ශ්‍රී ලංකා ධීවරයෝ කියති.