පොදු රජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුට සහභාගී වීමේ අපෙක්ෂාවෙන් සිටි බව කියන ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං අවසාන මොහොතේ එම තීරණය වෙනස් කළ බව නවදිල්ලි නුවර ආරංචි මාර්ග කියයි. ඉන්දීය අගමැති සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති තීරණය කරන ඇමති අනුකමිටු ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයගෙන ඇත. තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරන ඇමැතිවරුන් කියා ඇත්තේ සිං ශ්‍රී ලංකාවට නොයා යුතු බවයි. මුදල් අමාත්‍ය පී. චිදම්බරන්, වී.කේ වසන් හා ජයන්ති නඩරාජා යන ඇමැතිවරුන් තරයේම විරෝධය දක්වා ඇත. එහෙත් ඉන්දීය විදේශ ලේකම් සුජාතා සිං මහත්මිය මෙන්ම ජාතික ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් ඇතුළු ඉහළ පෙළේ නිළධාරින් කියා ඇත්තේ අගමැති ශ්‍රි ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගී විය යුතු බවයි. මන් මෝහන් සිං මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලය සමුළුවකට සහභාගී වී නැතැයි වාර්තා වෙයි.