ශ්‍රී ලංකාවේ හිමිවරුන් දෙනමකට තමිල්නාඩුවේදී පහර දීම ගැන ඉන්දියා විදේශ අමාත්‍යංශයට අප්‍රසාදය පළ කළ බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකිකයනගේ ආරක්ෂාව සලසන ලෙස ඉන්දියා රජයෙන් ඉල්ලා සිටි බව ඔහු කිවේය. දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල වුවහොත් කුමක් කරන්නේ දැයි ඇසූ විට ඔහු පැවැසූයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පතා හැම පිටවරක්ම ගන්නා බවයි. මේ ගැන රජය ඉහළ මට්ටමින් සාකච්ඡා කරන බව ද ඔහු කීවේය.
තමිල්නාඩු ප්‍රහාරයට ලංකාව අප්‍රසාදය පළකරයි
Recommended Articles