තමිල්නාඩු ධිවරයෝ 37 ක් අත්අඩංගුවේ


ශී‍්‍ර ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරීමේ යෙදුණේයැයි කියන චෝදනාව මත ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ද හින්දු‘‘ වෙබ් අඩවියේ දැක්වේ.

මෙම ධිවරයින්ගෙන් 22 නකු තෙලෙයිමන්නාරම ආසන්න මුහුදු තීරයෙන්ද 15 දෙනෙකු ඩෙල්ෆ් දුපත් ආසන්න මුහුදු තීරයෙන්ද අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන්ය.

ට්‍රෝලර් යාත‍්‍රා 9 ක්ද ශී‍්‍ර ලංකා නාවික හමුදා භාරයට ගෙන ඇත.

ධීවරයින් ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ජගාඩපට්ටිනම් හා පඩුක්කොට්ටායි ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව කියැවේ.

මොවුන් පිරිස දැනට සිටින්නේ නඩු විභාගයකින් පසු ලබන 25 වැනිදා තෙක් වව්නියාවේ හා යාපනයේ බන්ධනාගාර වල රදවා බවද සදහන්ය.