(සුජිත් හේවාජුලිගේ)
දකුණු ඉන්දීය කීර්තිමත් දේශපාලන නායකයෙකු මෙන්ම තමිල්නාඩුවේ ප්‍රාන්ත අධ්‍යාපන ඇමැතිවරයා වන සෙන්කෝට්ටියන් මහතා ඇතුළු ඉන්දීය දූත පිරිසක් පාර්ලිමේන්තුව දැක බලා ගැනීමට අද (17) පැමිණියහ.
මොවුන් පාර්ලිමේන්තුවට පැමිණියේ කතානායක කරු ජයසූරිය මහතාගේ ආරාධනයක් අනුවය.
මේ නියෝජිත පිරිසට චෙන්නායි හිටපු පුරපති සයිදෙයි දොරේසාමි, එම්.ජි.ආර් විශ්ව විද්‍යාලයේ කුලපති ඒ.සී.ෂන්මුගම් යන මහත්වරුද ඉන්දීය ව්‍යාපාරිකයෝ පිරිසක්ද ඇතුළත්වූහ.