තමින්නාඩුවේ වෙලින්ටන් හමුදා පාසලේ පුහුණුව ලැබූ නිලධරයන් දෙදෙනා එම පාඨමාලාවෙන් ඉවත් වී අද උදේ කොළඹට පැමිණි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
තමිල්නාඩු දේශපාලන පක්ෂ ඔවුන්ගේ පුහුණුවට එරෙහිවීම නිසා ඔවුන් ඉන්දියාවේ වෙනත් හමුදා පාසලකට මාරු කිරීමට ඉන්දියා රජය කැමැත්ත පළ කළ නමුත් එහි පුහුණුව කර්නල්වරුන් වැනි ජ්‍යෙෂ්ඨ නිලධරයන් සඳහා වන හෙයින් ඉන්දියා රජයේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.
වසර 40ක් පුරාම ශ්‍රී ලංකා හමුදා ඉන්දියාවේ පුහුණුව ලබන බවත්, ඉන්දියාවේ ඇතැම් පෙදෙස්හිදී ප්‍රශ්න මතුවී ඇතැයි ද ඔහු සඳහන් කරයි.