අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ඊට අපහාස කරන ලදැයි සඳහන් චෝදනා වලට තමා නිවැරදිකරු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දීමට හෝ ප‍්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත යෑමට තමා සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්.ප‍්‍රියාසාත් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.


