තමන්ට ආවේණික ශෛලියකින් නිරූපණයේ කලඑළි නංවන සරලා


2016-09-28-ent-33

නිරූපණයට දැඩි කැමැත්තක් ඇති ඇය නමින් සරලා ජයතිලකය. පරිගණක තාක්ෂණික ඩිප්ලෝමාවක් හදාරන ඇය තවමත් නව යොවුන් වියේ පසුවන්නීය. සරල හා නිදහස් මනසකින් යුතුව නිරූපණයට නවක මුහුණක් වන සරලා, ඇගේ කලා තොරතුරු පිළිබඳව ‘සාරවිට’ පැවසුවේ මෙවැන්නක්.

 

ඔබේ නම කිව්වොත්?

2016-09-28-ent-35මගේ නම සරලා ජයතිලක.

 

මොකද කරන්නේ පාසල් යනවද? නැත්නම් රැකියාවක් කරනවාද?

පාසල් ගිහින් ඉවරයි. ICT Advance Diploma එක කරනවා.

 

නිරූපණයට එකතු වෙන්නේ ඇයි?

මට මුලින්ම ආසාවක් තිබුණේ නම් නැහැ. ඒත් මගේ ෆේස්බුක් ෆෝටෝස් දැකලා ගොඩක් අවස්ථාවන් ලැබුණා. පස්සේ ආසාවක් ඇති වුණා. දැන්නම් ගොඩක් ආසාවෙන් කරනවා.

 

ඒ ලැබුණු අවස්ථා මොනවාද?

ෆොටෝ ෂූට් තමයි. ඒත් මං ඒවා කළේ නැහැ. දැන්නම් ලැබෙන හොඳ ආරාධනා සඳහා දායක වෙනවා.

 

රංගනයට කැමැත්තක් තියෙනවාද?

ඔව් මම පොඩි කාලේ ඉඳලා රංගනයටත් කැමැත්තක් තියෙනවා.

 

මේ ක්ෂේත්‍රයට ආවාට ගෙදරින් කැමතිද?

මුලින්මනම් කැමති වුණේ නැහැ. දැන්නම් ඒක ප්‍රශ්නයක් නැහැ.

 

නිරූපණය අලුත් අයට හොඳයි කියලා හිතනවාද?

ඔව්. මම හිතනවා.

 

ගොඩක් අය ජනප්‍රිය වෙන්න වැරදි මාර්ග තෝරගන්නවා නේද?

ගොඩක් අය කියලනම් මම හිතන්නේ නැහැ. කලාවට ආදරය කරන අය හොඳින් කරගෙන යනවා. ඒත් ටික දෙනෙක් ඉන්නවා ඉක්මනට ජනප්‍රිය වෙන්න හිතන.

 

ඔයාටත් නිරූපණය තුළ ප්‍රතිපත්තියක් තියෙනවාද?

ඔව්, මං මට ගැළපෙන දේවල් තෝරගෙන කැපවීමෙන් හොඳින් කරන්න උත්සාහ කරනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

ලැබෙන අවස්ථාවන් තෝරාගෙන හොඳින් කැපවීමෙන් කරන්න. මං අලුත් ෆීල්ඩ් එකේ හැමදේම ඉගෙන ගෙන ඉස්සරහට යනවා.

 

ස්තූති කරන්න කවුරු හරි ඉන්නවාද?

ඔව්, ගොඩක් අය ඉන්නවා. පසිඳු අයියා, චමත් අයියා, ඩිලාන් අයියා, සචිත්‍ර අයියා. එයාලා මට ගොඩක් උදව් කරනවා. මගේ ගමනට මං එයාලට ස්තූති කරන්නම ඕනේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-09-28-ent-34
2016-09-28-ent-32