(නයනජිව බන්ඩාර)
තබ්බෝව අභය භුමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් අක්කර 175ක් නිති විරෝධී ආකාරයට පෞද්ගලික සමාගමකට ලබාදිමේ රජයේ සුදානමක් ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂක සජිව චාමිකර මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ මෙම පවරා දිමට සුදානමි වන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ ඇති කාලාඔය හා සම්බන්ධ වි ඇති වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයට අයත් රක්ෂිත වනාන්තරයක් බවයි.
දැනට මෙම පෞද්ගලික සමාගම මෙම රක්ෂිත ප්‍රදේශ දෙකට හා රාල් මඩුව - ආචිචිමලේ පුරා විද්‍යා රක්ෂිතයේ අක්කර 35 ක් නිති විරෝධි ලෙස එළිකර පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් සිදුකරන බවද චාමිකර මහතා පෙන්වා දෙයි.
මෙම පෞද්ගලික සමාගමට පවරා දිමට යෝජිත භුමිය පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත භුමියක් මෙන්ම වල් අලි වාසස්ථානයක් බව ද පරිසරවේදිහු පවසති.

