ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් කිලෝමීටර 100 ඇල්ට්‍රා මැරතන් ධාවන තරගයට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වු නාවික හමුදාවේ එච් එම් එස් සනත් බණ්ඩාර රටවල් 12 ක තරගකරුවන් 48 දෙනකුගෙන් පස් වැනි ස්ථානය හිමි කැර ගත්තේය.
‘මම පුහුණු වීම් කළේ මැදවච්චිය පුනෑවේ .ඒත් තරඟ පැවැත්වුයේ ඉතා සීතල ප්‍රදේශයක.එය මට දරා ගැනීමට නොහැකි වුණා.නැතිනම් මම අනිවාර්යයෙන්ම ප්‍රථමයා වෙනවා.’
‘කිලෝ මීටර් 100 තරගයේ කිලෝමීටර් 75 ක් වන තුරු මම තමයි තරගයේ දෙවැනියා වුණේ.හැම රටකින්ම සහභාගී වී සිටි තරඟකරුවන්ට සහායට අය හිටියා.මට කවුරුත්ම නෑ මම තනියම හිටියේ’

