තනි රෝදෙන් වැඩ පෙන්වූ 12ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහජන පීඩාවක් වන ආකාරයෙන් ගෝෂාකාරී ලෙස තනි රෝදයෙන් යතුරුපැදි පැදවු බාලවයස්කාර තරුණයන් දෙදෙනකු ඇතුළු 12 ක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

සැකකාර තරුණයන් සමග පොලිස් භාරයට ගත් යතුරු පැදි 12 න් 03 ක ලියාපදිංචි අංක අංක තහඩු නොමැති ඒවා බව පොලිසිය සඳහන් කරයි.

තරුණයන් පිරිසක් වට්සැප්  සමූහයක් හරහා සංවිධානය වී රාත්‍රී කාලයට දියගම මත්තේගොඩ මාර්ගයේ සහ හොරණ කොළඹ මාර්ගයේ කෝරල ඉම ප්‍රදේශයේ රාත්‍රී කාලයට යුගල වශයෙන් තරඟයට තනි රෝදයෙන් ඝෝෂාකාරී ලෙස යතුරුපැදී ධාවනයේ යෙදෙන බවට කහතුඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. කේ. ජගත් මහතාට ලද තොරතුරකට අනුව උපාය දූතයකු එම වට්සැප් සමූහයට රහසිගතව යොමු කර වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර බාල වයස්කාර තරුණයන්ට යතුරු පැදී ලබා දුන් ඔවුන්ගේ ලියාපදිංචි හිමිකරුවන් ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි.