ඉතාලියේ රෝම අගනුවර තානාපති කාර්යාලය සිකුරාදා වැසීමට ඉඩ නොදෙන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
ඔහු එසේ කියනුයේ ලෝක ආහාර සංවිධානයේ පොසොන් උත්සවය පිහිටි ලෝක ආහාර සංවිධානයේ පවත්වන පොසොන් පින්කමකට තානාපති කාර්යාලය වසා දමන්නේදැයි එසැණ වාර්තාකරු විමසු අවස්ථාවේදීය.
මේ වනවිට ද කිසිදු දැන්වීමක් එහි ගසා නොමැති බව එහි සිටින එසැන වාර්තාකරු පවසයි. යම් හෙයකින් සිකුරාදා දින තානාපති කාර්යාලය වසා තැබුවොත් එදිනට දුර පලාත්වල සිට තානාපති කාර්යාලයට පැමිණීමට ගුවන් හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් මහත් අපහසුතාවයට පත්වේ.

