
(බී.ජී. චතුරංග සහ ජයමාල් චන්ද්‍රසිරි)
විජය පුවත්පත් සමාගම අනුග්‍රහයෙන් 22 වන වරටත් පැවැත්වූ 'ලංකාදීප පොසොන් ආලෝක පූජාව' තෙවැනි දිනය වූ අද උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා, දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ, වෙලද වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍යාමිලා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වූහ.




