තන්තිරිමලේ ආලෝක පූජාව 9, 10 සහ 11 තෙදින පුරා


(බී.ජී. චතුරංග)

විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ 'ලංකාදීප පොසොන් ආලෝක පූජාව' 9 ,10  සහ 11 යන තෙදින පුරා පැවැත්වේ.

තන්තිරිමලය පුදබිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කල විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් මෙවර ආලෝක පූජාව පැවැත්වෙන්නේ 22 වැනි වරටය.

ඒ අනුව නේක වර්ණ විදුලි බුබුළු දස දහස් ගණනින් තන්තිරිමලය පුදබිම ඒකාලෝක කිරීමට නියමිතය.

2025 පොසොන් පුණ්‍ය මහෝත්සවය තන්තිරිමලේ පුදබිමේ පොසොන් වැඩ සටහන් පෙළගැස්ම.

අද (9දා)

පෙරවරු 6 ට උදෑසන සම්බුද්ධ පූජාව සහිත ශබ්ද පූජාව බුදු මැදුර තුළ,

දහවල් 10.30,

දහවල් සම්බුද්ධ පූජාව,

පස්වරු 6.15ට විදුලි ආලෝක පූජාව විවෘත කිරීම සහ දහම් හමුව.

පස්වරු 6.30 සිට භක්ති ගීත,

භක්ති ගීත 2, සිංගප්පූරුවේ ගුණරතන හිමියන්ගේ චීන භක්ති ගීත කණ්ඩායම මගින්.

සිංගප්පූරුවේ ගුණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පාසල් ළමුන් 500කට පාසල් නිල ඇඳුම්ප්‍රදානය.

ජුනි 10 පොසොන් පොහෝදා,

උදෑසන 6 සිට 7 දක්වා තන්තිමලය දාගැබ් මළුවේදී සිල් සමාදන් කරවීම සහ සම්බුද්ධ පූජාව,

පෙරවරු 7.30 සිට 8.45 දක්වා ධම්ම සාරතී සාකච්ඡාව, ගෞරව ශාස්ත්‍රවේදී උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක කහටගස්දිගිලිය චන්ද්‍රානන්ද නායක ස්වාමීන් වහන්සේ සමඟ,

පෙ.ව 9 සිට 10 දක්වා, ශ්‍රී ලංකාව භික්‍ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය කරපික්කඩ සෝභිත හිමිපාණන් සිදු කරන ධර්ම දේශනය,

පෙ.ව10.30 සිට 11 දක්වා දහවල් සම්බුද්ධ පූජාව,

පෙ.ව 11 සිට 11.30 දක්වා ප්‍රජා සත්කාරක වැඩ සටහන්,

පසුව ජාතික රූපවාහිනිය මගින් පාසල් ළමුන් 150ක් සඳහා ත්‍යාග ලබා දීම,

ප.ව 2 සිට 3.15 දක්වා ධර්ම සාකච්ඡාව.

ප.ව 5 සිට 6 දක්වා කවි බණ හෝ ආශිර්වාද පූජා රූපවාහිනී ගුවන්විදුලි කාව්‍ය ධර්ම දේශක කරවනැල්ල වෑන්දල සිරි විශුද්ධාරාමාධිපති මීමුරේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

6.15ට

ආලෝක පූජාව සහ දහම් හමුව,

ප.ව 7 සිට

බෞද්ධ නර්තන අංග සහ බැති ගී

ත්‍යාග සහතික පත් සහ නිල ඇඳුම් පරිත්‍යාග කිරීම.

ජුනි 11දා

පෙ.ව 6 සිට උදෑසන සම්බුද්ධ පූජාව හා ශබ්ද පූජාව,

පෙරවරු 8 සිට ධර්ම සාකච්ඡාව සහ දැනුවත් කිරීම,

පෙරවරු 10.30 සිට දහවල් සම්බුද්ධ පූජාව හා ශබ්ද පූජාව,

6.15ට පස්වරු ආලෝක පූජාව හා දහම් හමුව,

පස්වරු 7 සිට බැති ගී 6ක් ඉදිරිපත් කිරීම. ලංකාදීප අනුග්‍රහයෙන් දහම් පාසල් දරුවන් හට නිල ඇඳුම් පරිත්‍යාග කිරීම.