තනමල්විල ප්‍රා මන්ත්‍රී යළි රිමාන්ඩ්


ඇඹිලිපිටිය බෝසිරිගම නිධන් හෑරීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී තිලකරත්න වියංගොඩ ඇතුළු අට දෙනා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් ගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද නියෝග කළේය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාව නොලැබීම නිසා ඇප දිය නොහැකි බව අධිකරණයේ දී කියැවිණි.