තදබදය නැති කරන්න පිටවීම් දොරටු වැඩි කරයි


අද පස්වරු 1 පමණ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදය අවසන් වූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.

ඇතුළුවීමේ දොරටුවක් පිටවීමේ දොරටුවක් ලෙස යොදා ගනිමින් පිටවීමේ දෙරටු තුන, හතරක් දක්වා වැඩි කළ බවත් ඔහු පවසයි.

මෙම මාර්ග ඉතිහාසයේ වැඩිම වාහන ගණනක් ධාවනය වු දිනයත් වැඩිම ආදායමක් ලැබූ දිනයත් අද විය හැකි බව දැනගන්නට ඇත. එහි සංඛ්‍යාලේඛන ගණනය කෙරෙනුයේ පැය 24 කට වරක් බවත් කියති.