තද සුළඟින් පළාත් කිහිපයක නිවාස රැසක හානි


ඌව පරණගම, වැලිමඩ, සොරණාතොට මීගකිවුල සහ හල්දුම්මුල්ල ප්‍රදේශ හාරහා පෙර දීන සිට තද හුළං තත්ත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂ ඊ.එම්.එන්. උදය කුමාර මහතා කියයි. මේ හේතුවෙන් පළාතේ විදුලිය ඇන හිට ඇත. නිවාස රැසකට ද හානි සිදුව ඇතැයි උදය කුමාර මහතා පවසයි. ඌවපරණගම ප්‍රදේශයේ අතුවැටීම නිසා තිදෙනකු රෝහලට ඇතුළත්කර ඇත.

මෙම හුළං තත්ත්වය පළාත් රැසකට බලපා ඇති අතර පොළොන්නරුව ගල්විහාර සමාධි ප්‍රතිමාවට ඉහළින් තිබූ පියස්සේ ද තහඩු අටක් අද දහවල් සුළඟට අසුව ගැලවී ගියත් ඉන් කිසිවකුටත් හානි සිදු නොමැත. පසුව මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණය සේවකයෝ එය යථා තත්ත්වයට පත් කළහ.

පැයට කිලෝ මිටර් 70 දක්වා ඉහල යා හැකි බවත්  මධ්‍යම කදුකරයේ සුළං තත්ත්වය ද ඉහල යා හැකි බවත් මෙම තත්ත්වය තවත් දින කිපයක් ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා  දෙපාර්තුමේන්තුවේ කාර්ය නියතු කාළගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පවසයි. මුහුදු යෑමේ දී තරමක් සැලකිලිමත් විය යුතු බව ද ඒ මහතා පවසයි.

තද සුළං හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අයත් හල්පේ සහ වෙහෙරගොඩ ප‍්‍රදේශයන්හි  නිවාස 12 කට පමණ හානි සිදුව ඇත.
කුඩා ළමුන් කීපදෙනෙකුට සුළු තුවාල සිදු ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ. ගස් අතු කඩා වැටීම නිසා ප්‍රදේශ රැසකට විදුලිය ද ඇන හිට ඇත.

ප්‍රින්ස් රත්නායක

468 469

ආර්.කෝගුලන්

470 471 472 473 474