තද වැසි සමග මුහුදත් රළු වෙයි


දැනට පවත්නා වැසි සහිත අයහපත් කාලගුණ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට, විශේෂයෙන් දිවයිනේ දකුණු අර්ධයට තව දුරටත් බලාපොරොත්තු විය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බටහිර, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත් වල සමහර ස්ථාන වලට ඉතා තද වැසි   ඇතිවීමටද ඉඩ ඇත.

දිවයිනට බටහිර සහ දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට කොළඹ සහ ගාල්ල හරහා  හම්බන්තොට දක්වා වන  මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ  ඇති  අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතීදිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් පවතී.

 

සවස 5ට නිකුත් වූ කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.

දිවයින වටා වන වෙරළ බඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 31/10/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

31

23

95

65

අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

30

24

95

70

උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

කොළඹ

29

25

95

70

උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

29

24

95

75

උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

යාපනය

31

25

95

70

උදෑසන වැසි හෝ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

මහනුවර

28

22

95

70

අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

19

12

95

75

අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

30

23

95

65

අපරභාගයේදී සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

31

24

95

70

උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

30

25

95

70

උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).