තද වැසි සමග මුහුද රළු වෙයි


තද වැසි, තද සුළං සහ  මුහුදු රළු වීම පිළිබඳ  කාලගුණ නිවේදනය.

දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තවදුරටත් බලාපොරොත්තු වේ. සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමටද ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ සුළගේ වේගය පැ කි මි 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් පවතී.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.

 

ඉදිරි 24 පැයේ කාලගුණය

පෙව 5ට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා)  ඇතිවීමටද ඉඩ ඇත.

දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ සුළගේ වේගය පැ කි මි 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් පවතී.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.