දුරකතන සමාගමක ලොතරැයියකින් මෝටර් රථ දිනාගෙන ඇතැයි කියමින් පිළියන්දල කාන්තාවන් සිව් දෙනකුගෙන් ලියාපදිංචිය, රක්ෂණ හා ආදායම් බලපත් ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂයක් වංචා කළැයි කියන පිරිසක් සොයා පිළියන්දල පොලිසිය පරීක්ෂණ අරඹයි. අහවල් දවසේ අහවල් වේලාවට පෙර ලියපදිංචි නොවුනහොත් ලොතරැයිය අවලංගු වන බව දුරකතනයෙන් දන්වා ඔවුන් දෙන ගිණුම් අංකයට මුදල් බැර කළ රිසිට්පත ෆැක්ස් කරන්නැයි කියු පුද්ගලයන් ඉන්පසු යළි දුරකතන ඇමැතුම් නොදෙන බවත් එම කාන්තාවන් පොලිසිය කියා ඇත. මෙම සූත්‍රයට අසු නොවන ලෙස ගල්කිස්ස කොට්ඨාස බාර පොලිස් අධිකාර රවින්ද්‍ර කරවිට සහකාර පොලිස් අධිකාර ජේ.එම් ජයලත් පිළියන්දල පොලිස් ස්ථානාධිපති සෝමරත්න විජයමුණි මහත්වරු මහජනයාට අවවාද කරති.