තණමල්විලෙන් කෝටි 5ක ගංජා හේන් 2ක් වටලයි


(ඉන්දිකා රාමනායක)

මොනරාගල සහ තණමල්විල යන ප්‍රදේශ වල රක්ෂියේ  මහා පරිමාණයෙන් වගා කර තිබු  ගංජා හේන් දෙකක් වටලා රුපියල් කෝටි 5 ට අධික වටිනා  ගංජා තොගයක් සමග සැකකරුවන්  තිදෙනකු  අත්අඩංගුවට ගත් බව   පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන  ප්‍රහාරක  බලකාය විසින්   අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නිලධාරීන් එම ප්‍රදේශයේ දින 14 ක කාලයක් ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඊයේ (14)  දහවල් මෙම වැටලීම සිදුකර කළ බව පොලිසිය කියයි.

මෙම ගංජා හේන් දෙක අක්කර 3 1/2 ක හා අක්කර 5  වශයෙන් වගාකර තිබු බවත්, වැටලීම සිදුකරන අවස්ථාවේ එහි අඩි  8 ට උසට ගංජා පැළ  වගාකර තිබු බවද පොලිසිට පවසයි.

මෙම වටලීමේ ගංජා පැළ 5000 ට අධික ප්‍රමාණයක් විනාශ කර ඇත.

සැකකරුවන්  වැඩිදුර පරීක්ෂණ සදහා මොනරාගල හා  තණමල්විල පොලිස් ස්ථාන වෙත බාර දී ඇත