තණමල්විලට හණ වැටකුත් එයි


තණමල්විල අන්නාසි ගල සිට වැල්ලවාය අයිස්පීල්ල දක්වා කිලෝමීටර් 46ක විදුලි වැටක් ඉදි කර   වල් අලින්ගෙන් ගම් බිම් රැක ගැනීමට වනජීවී සම්පත් සංරක්ෂණ ඇමති ගාමිණී විජිත් විජයමුණි මහතා සැරසෙයි.

ඒ සඳහා යන වියදම රුපියල් දෙකේටි තිස් ලක්ෂයකි.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී රත්නායක මහතාද සහභාගී වූ ආරම්භක උත්සවය තණමල්විල කුඩාඔයෙන් ඇරැඹිණි.

විදුලි වැටට සමාන්තරව හණ වැටක් ඉදි කිරීමට ද යයි.

හණ කර්මාන්තය දියුණු කිරීමද එහි එක් අරමුණකි.

ඇමැතිවරයා සිය පෞද්ගලික වියදමින් හණ කර්මාන්තය ගැන අධ්‍යයනයක් ද කළේය.

වැට ඉදි කිරීම සිවිල් ආරක්ෂක බලකායට පැවරේ.

හණ වගාවට චීනයේ මූල්‍ය සම්පත් හා තාක්ෂණ දැනුමත් ලැබේ.