තක්කිට තරිකිට සිංහල තාලෙට - සුද්දෝ ඇවිත් නටතෙයි


නැටුම්  ගැයුම්වලට ප්‍රිය කරන  ඕස්ට්‍රේලියාවේ පාසල් ගුරුවරුන්  ඇතුළු  පිරිසක් මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා සහ  කාංචන කරුණාරත්න යන මහත්වරුන් යටතේ මොවුහු  අම්බලන්ගොඩදී  සම්ප්‍රදායික නැටුම් නැටුම් ,බෙර වාදන,දවුල,තම්මැට්ටම,ගැට බෙරය වාදනය පිළිබඳව  හැදෑරූහ.

මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා පැවසුයේ මෙම විදේශිකයන්  සිංහල පාරම්පරික නැටුම් හා බෙර වාදන පිළිබඳ  ඉගෙන ගැනීම උනන්දුවක් දැක්වීම සතුටට කරුණක්  බවයි.විදේශිකයන් මෙලෙස  ශ්‍රී ලාංකාවේ පාරම්පරික කලා ශිල්ප  උගෙනීම සංචාරක කර්මාන්තයේ පැවැත්මට ද  උපකාරී වන බව  කරුණාරත්න මහතා  කියයි.