කුරාම් ෂෙයික් ඝාතනයේ වැරදිකරු වී සිරගෙට නියම වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සබාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නිල කාමරයේ යතුරු මාස තුනක් තිස්සේ භාරදී නැතැයි වැඩබලන සභාපති ලාලිත ආර්.වනිගසේකර මහතා කියයි.
මේ නිසා රාජකාරී කටයුතු මෙන් ම විදුලි සැපයුම ද අඩාල වී ඇතැයි දැනගන්නට ඇත. පළාත් පාලන කොමාසාරිස්ට දන්වා කාමරය විවෘතකැර ගැනීමට පිවයර ගන්නා බව ඔහු කියයි.

