තංගල්ල හිටපු සභාපතිත් විසි වසරක් හිරේ


තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී   2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික් නම් බ්‍රිතාන්‍ය රතුකුරුස සේවකයා මරා ඔහුගේ පෙම්වතිය වූ රුසියා ජාතික වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද වසර 40ක සිර දඬුවම් පැනවීය.

කුරාම් ෂෙයික් මැරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, වික්ටෝරියා සමූහ දූෂණය කිරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය දඬුවම එක වර ගෙවී යන ලෙස ද නියෝග කළාය.

මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.

ඕ ඒ ලහිරු කැලුම් ,යු සමන් දේශප්‍රිය, සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ සහ ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග වැරදිකරුවෝ වූහ. එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග නිදහස් කරනු ලැබූහ.

අගතියට පත් පාර්ශ්වයට රුපියල් දෙලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරිය සියලු වැරදිකරුවන්ට නියම කළාය.

සම්පත් චන්ද්‍රපුෂ්ප බන්ධනාගාරයට රැගෙන යද්දී ඔහුගේ ඡායාරූප ගනිමින් සිටි ඡායාරූප මාධ්‍යවේදීන්  ඔහුගේ ඡායාරූප ගැනීමට ගත් උත්සාහය වැලැක්වීමට පොලිසිය හා බන්ධානාගාර නිලධාරියෝ වලිකෑහ. ඇතැමෙක් දෑත් උස්සා ඔහුගේ මුහුණ ආවරණය කළහ. ඇතැමෙක් හිස්වැසුම් ගළවා චන්දුපුෂ්පගේ මුහුණ වැසෙන සේ අල්ලාගෙන සිටියහ.

_DSC0042 _DSC0043 _DSC0044 _DSC0047 _DSC0049 _DSC0051 _DSC0052 _DSC0053 _DSC1458 _DSC1461 _DSC1475 _DSC1479thangalla