තංගල්ල නේචර් රිසෝටි හෝටලයේදී කුරාම් ෂෙයික් ඝාතනයේ වැරැදිකරුවකු වු තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිණ බන්ධනාගාරයට රැගෙන යද්දී තම හිස් වැස්මෙන් ඔහු ආවරණය කළ බන්ධනාගාර නියාමක වැලිකඩ සිට පල්ලන්සේන හිර ගෙට මාරු කැර ඇත.
ජනමාධ්‍ය කැමරාවලින් ඔහු වසන් කිරීමට නිල ඇඳුමේ කොටසක් භාවිත කිරීම නීතී විරෝධී බවත් ඔහුගේ ක්‍රියාවෙන් බන්ධනාගාරයට දැඩි විවේචනයක් එල්ල වු බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ටී එම් නීල් උපුල්දෙනිය මහතා කියයි.
ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹා ඇත.

