තංගල්ල බස් අනතුරින් අයෙක් මරුට:13ක් රෝහලට


(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ දී ලංගම බස්‍ රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

අද (24) අලුයම 3.20 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ .

පාසිකුඩා සිට ගාල්ල බලා ධාවනය වූ ගාල්ල ලංගම ඩිපෝවට අයත් බස්‍ රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ .

තුවාල කරුවන් වහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.