කුරාම් ෂේක් ඝාතනයේ නීති විරෝධී රංචු ගැසීමේ චෝදනාව විත්තිකරුවන් හය දෙනාට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතා කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය හමුවේ පැවසීය.
පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය අරඹමින් ඔහු කීවේ නේචර් රිසෝට් හෝටලයේ දිල්රුක්ෂි කුරාම්ගේල පෙම්වතිය වික්ටෝරියා සහ එදා රෑ එහි සිටි දේශීය අමුත්තන්ගේ සාක්කි අනුව 1-4 විත්තිකරුවන් මේ අපරාධයට හවුල් බවයි.
‘ඔවුන් කුරාම්ට හා වික්ටෝරියාට පහර දෙනු සාක්කිකරුවන් දැක ඇත. පළමු වැනි සැකකාර ලහිරු කැළුම් පහර දුන් බව වික්ටෝරියා කීවා. පිහිනුම් තටාකය අසළ දී සෙසු අය ආධාර සහ අනුබල දී තිබෙනවා. තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ගිනි පෙලෙල්ලකින් පහර දුන් බව ඇය කීවා. රථගාලට පැමිණි හිටපු සභාපති එහි තිබූ ත්‍රිරෝද රියකට අලාභ හානි කළ බවටත් සාක්කි තිබෙනවා. විත්තිකරුවන් සාමූහිකව නීති විරෝධී රංචු ගැසීමක යෙදී සිටි බව පැමිණිල්ලෙන් ඔප්පු කර තිබෙනවා. දෙවැනි විත්තිකාර සමන් දේශප්‍රිය මේ අපරාධයට හවුල් වූ බව රයන් අකලංකගේ සාක්කියෙන් ඔප්පු වෙනවා.
රයන් පැමිණිල්ලට අහිතකර සාක්කිකරුවකු වුවත් ඔහු දෙවැනි විත්තිකරු හඳුනා ගත්තා. රයන්ගේ සාක්කිය පිළිගන්නවා ද නැද්ද යන්න අධිකරණය සතු කාරණයක්. මේ ඝාතනය කළින් සැලසුම් කළ එකක් නෙවෙයි. අනෙක් අතට කම්පනයට පත් වූ සාක්කිකරුවන්ගෙන් හැම වැදගත් කාරණයක්ම අඩුපාඩුවක් නැතිව විස්තර කරතියි හිතන්න බෑ.
වැඩිදුර දේශන බදාදා (09) කල් තැබිණි.
2011 දෙසැම්බර 21 වැනි දා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කළැයි ළහිරු කැළුම්ල සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ප්‍රනීත් චතුරංග එම් සරත් නොහොත් සහන් හා එම් චතුරංග චෝදනා 17ක් යටතේ මේ නඩුවට මුහුණ දෙති.

