පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් තමන්වහන්සේගෙන් ලබාගත් ණයකට හිලව්වක් ලෙස අලි පැටවුන් 3 දෙනකු තමාට දුන් බව කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන් රහස් පොලිසියට කටඋත්තරයක් දෙමින් ප්‍රකාශ කර ඇත.
රහස් පොලිස් හා වනජීවී ආරංචි පවසනුයේ මේ අලි පැටවුන්ට බලපත්‍ර නැති බවයි. අලි පැටවකුගේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියිද ඔවුහු පවසති. කුසලධම්ම හිමියන් රහස් පොලිසියට කියා ඇති තවත් කාරණයක් වනුයේ බෞද්ධාගමේ පූජනීය සත්ත්වයකුවන අලියා ගැන මෙවැනි කුමන්ත්‍රණ පිටුපස අන්‍යාගමිකයන් සිටින බවයි.

