ණයට කාලා හෝටලයෙන් පනී


සති තුනකට ආසන්න කාලයක් මහනුවර සුපිරි සංචාරක හෝටලයක නැවතී ආහාරපාන ලබාගෙන රුපියල් තුන් ලක්ෂ හැට දහසක පමණ බිලක් නොගෙවා පැන ගිය යුවලක් ගැන මහනුවර පොලීසිය සොයයි.

වයස අවුරුදු 11 ට අඩු දරුවන් සිව් දෙනකුද සමග මොවුන් මුලදී මෙම හෝටලයට පැමිණ සිව් දිනක් ගත කර ඇත.

රුපියල් එක් ලක්ෂ හතලිස් එක් දහසක් ගෙවා දෙවැනිවරට පැමිණ දින 19 ක් නැවතී සිට මාරුවී ඇතැයි පොලිසියය කළ පැමිණිල්ලේ දැක්වේ.

එම පුද්ගලයා කොළඹ 12 බිරාමියා වීදියේ පදිංචිකරුවකු බවත්, කාන්තාව වත්තල, හැඳල කැනල් පාරේ පදිංචි බවත් විදේශ ගමන් බලපත් අනුව දැක්වේ.