ණය සල්ලි අරන් ගම්පහ ගැටුමක්


ගම්පහ තැපැල්පෙට්ටිය හන්දියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයකු මියගොස්, හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද, තුවාලකරුවන් අතර ජා-ඇළ ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ද සිටින බව ද ගම්පහ මූලස්ථාන පොලීසිය කියයි.

ගැටුමට හේතුව මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලකි. තුවාලකරවෝ ගම්පහ, කොළඹ සහ කළුබෝවිල රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.