ණය යෝජනාව සම්මත බව භාණ්ඩාගාර ලේකම්ට දන්වයි


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය  පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මතවූ බව  පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ  කුෂානි රෝහණදීර මහත්මිය භාණ්ඩාගාර ලේකම් වරයාට ඊයේ (1)  රාත්‍රී ලිපියකින්  දැනුම් දුන්නාය.

මෙම ණය යෝජනාව වැඩි ඡන්ද 60 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හැට දෙකක් පමණි.