
(අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (26)දැනුම් දුන්නේය.
එම නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කිසිදු ලාංකිකයකු අනිසි බියක් ඇති කරගත කරගත යුතු නැතැයි ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26)පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

