(අංජුල මහීක වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟම දිනෙන් දින ඉහළ යන ඩොලරයේ අගය වැඩිවීමට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය කඩිනමින් නංවා ගැනීමේ වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කරමින් තිබෙන බව රජයේ ප්‍රකාශකයෙන් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රටේ ඉහළම මට්ටමේ ආර්ථික විශේෂඥයින් මේ කාර්යයේ නිරතව සිටින බව ද ඔහු කීය.
ඩොලරයේ අගය උපරිම වශයෙන් ඉහළගොස් නතරවන තීරණාත්මක අගයේදී රුපියල ආරක්‍ෂා කර ගැනීම සඳහා ගතයුතු පියවර රජයට නිර්දේශ කිරීම මෙම ආර්ථික විශේෂඥ කණ්ඩායමට පැවරී ඇති ප්‍රධාන කර්ය වෙයි.
ඩොලර් හැකි තරම් රට තුළට ගෙන ඒම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන අපනයන වැඩිකර ගැනීමේ ක්‍රමවේදයක්ද ආර්ථික විශේෂඥ කණ්ඩායම විසින් රජයට යෝජනා කිරීමට ද නියමිතය.