ඩොලරයේ අගය ඉහළ යාම ගැන කලබල විය යුතු නෑ


 

(යොහාන් භාසුර)

ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඩොලරට ඇති ඉල්ලුම හා සැපයුම මත එහි මිල තීරණය වන බව කී රංජිත් සියඹලාපිටිය මහතා ආනයන ඉහළ යන සතියක ඩොලරයට ඉල්ලුම වැඩිවන බවද සඳහන් කළේය.

මහ බැංකුව ඩොලර් බිලියන තුනක් මිලදී ගෙන ඇති බවත් එසේ මිලදී නොගත්තේ නම් ඩොලරය තවදුරටත් පහළ යාමක් සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.