කටුනායක ලංකා බැංකු ශාඛාවේ අද අලුයම ඇමරිකා ඩොලරයක් මිලදී ගැනීමේ රුපියල් අගය ගැන මුදල් ඇමැති රවී කරුණානායක මහතා නිලධරයන්ගෙන් ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකා ඩොලරයක අගය රුපියල් 141 දක්වා ඉහළ දමා තිබියදී ලංකා බැංකුව ඊට අඩු අගයක් ගෙවන්නේ ඇයි දැයි ඇමැති ඔවුන්ගෙන් දිගින් දිගටම කරුණු විමසීය.
අද අලුයම 1ට එහි පුවරුවේ අගය රුපියල් 137.65 ක් ලෙස සටහන්වී තිබිණි. එම පුවරුව දුටු ඇමැති මෙරටට එන ලාංකිකයන් ඇතුළු සංචාරකයනට 5%කින් පමණ අඩුවෙන් මුදල් ගෙවීම වරදක් බව කීවේය.

