(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ටොන් 30 ක් පමණ බරුති ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වු තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට පෙරැළී අනතුරක් සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.
ලොරිය බෑවුමට පෙරළීමේදී කිලෝ 50 ක බරින් යුත් කොට්ට 600 කින් යුත් ඩොලමයිට් තොගය සමඟ වට තුනක් පෙරළී ඇති බවත් එම අවස්ථාවේදී ලොරි රියදුරු දැඩි වෙහෙසක් දරා සුක්කානමේ එල්ලි ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. රියදුරුට කිසිදු හානියක් වී නැතැයි පොලීසිය පවසයි.
මාතලේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය දක්වා මෙම ඩොලමයිට් තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර කහතුඩුව පිවිසුම ආසන්නයේ දි එකවරම ලොරි රථය වම්පස ආරක්ෂිත වැටේ අඩි 30 ක පමණ ප්‍රමාණයක් රූරාවිත් බෑවුමට පෙරළී ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.
තට්ටු ලොරියේ පටවා තිබූ ඩොලමයිට් තොගය ලොරිය අසලම සීසීකඩ වැටී තිබූ අතර ලොරිය ධාවනය වන ආකාරයෙන්ම බැවුමේ පහළ කොටසේ රැඳී තිබූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසී.සිදු වූ අනතුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ අඩි 25 ක පමණ කොටසකට දැඩි අලහභාණී සිදුවී තිබිණි.