ඩේවිඩ් බෙකම් ලෝක පාපන්දුවෙන් සමුගනී


එංගලන්තයේදී 1975 වසරේ මැයි මස දෙවැනි දින මොලොව එළිය දුටු, කල්යත්ම වයස අවුරුදු 16 දී එංගලන්තයේ පාපන්දු සමාජවල අවධානය දිනා ගත්, ඩේවිඩ් රොබර්ට් ජෝසප් බෙකම්, තම පළමු ගෝලය වාර්තා කළේ මැන්වෙස්ටර් යුනයිටඩ් පිල වෙනුවෙනි.

පසුව එංගලන්ත පාපන්දු පිලේද නායකත්වය උසුලමින් තම රට වෙනුවෙන් තරග 115කටත්, මැන්වෙස්ටර් යුනයිටඩ් පිල වෙනුවෙන් තරග 394කටත් තරගකර ඇති ඩේවිඩ් බෙකම් ප්‍රීමියර් ලීග් සහ චැම්පියන් ලීග් තරගවලදී පිළිවෙලින් තරග හය බැගින් ජයග්‍රහණය කර තිබේ. ලෝක පාපන්දු කුසලානය ඇතුලුව 1992 සිට 2013 දක්වා ඔහු ලබා ඇති ගෝල් සංඛ්‍යාව 128කි.

ඩේවිඩ් බෙකම් ලෝක පාපන්දුවෙන් වෘත්තීයමය ලෙස සමුගනිද්දී ඔහුට සමගාමීව වර්තමාන පාපන්දු ලෝකයේ ආකර්ෂණීයම පාපන්දු ක්‍රීඩකයන් ලෙස, පෘතුගාලයේ උපන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අජෙන්ටිනා ජාතික ලයනල් මෙසී සහ බ්‍රසීල ජාතික නෙයිමාර් ද සිල්වා පාපන්දු ලෝකයේ අභිෂේක ලැබ ගැන්මට බලා සිටියි.