ශී‍්‍ර ලංකාව සහ ලෙබනනය අතර ලෙබනනයේ දී පැවති තීරණාත්මක ටෙනිස් තරගයෙන් වට 3-2 ක් ලෙස තියුණු ජයක් අත්කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තවදුරටත් ඩෙවිස් කුසලාන II වැනි කාණ්ඩයේ රැඳී සිටීමේ අවස්ථාව රඳවාගත්තේය.
දිනේෂ්කාන්තන් තංගරාජ් හා ලෙබනන් කී‍්‍රඩක බසාමි බිදාස් අතර පැවති තරගය වට 3-0ක් ලෙස පරාජය වීමෙන් ශී‍්‍ර ලංකා පිල කිසියම් පීඩනයකට නතු වුවද කේග අලාලි ට එරෙහිව හර්ෂණ ගොඩමාන්න ලැබූ වට 3-0 පහසු ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට බලාපොරොත්තු ගෙන ආවේය.
බසාමි බිදාස්/චුක්රි සහ හර්ෂණ ගොඩමාන්න/රජීව් රාජපක්ෂ අතර පැවැති යුගළ තරගය ඉතාමත් තියුණු තරගයකින් පසුව වට 3-1 ලෙස ජය ගත් ශී‍්‍ර ලංකා යුගළය තරගාවලියේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව දෙසට හැරවීය.
අනතුරුව පැවති ප්රුති කේවල තරග 2න් හර්ෂණ ගොඩමාන්න සහ බසාමි බිදාස් අතර පැවති තරගය වට 1-3 ක් ලෙස පරාජය වුවද දිනේෂ්කාන්තන් තංගරාජා සහ කේග අලාලි අතර පැවති තරගය වට 3-0 ලෙස තංගරාජා ජය ගැනීමත් සමගම තරගාවලියේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව සතු විය.