ඩෙල්ෆ් නිවාස තුනක් යළි අයිතිකරුවන්ටම


යුද හමුදාවේ ගැටුම් පැවති සමයේ  නාවික හමුදාව වෙත පවරා ගත්  ඩෙල්ෆ් දුපතේ අක්කර  දෙකක ඉඩමක්  ඇතුළු නිවාස තුනක් නැවත එහි හිමිකරුවන් වෙත අද (3) පවරා දුන් බව  නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක  කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා ප්‍රකාශ කළේය.

ඩෙල්ෆ් වැසියන්  වන ගෝපාල්  සිංහම්,කේ භාග සුන්දරී සහ පී පොන්නයියා  යන තිදෙනා මෙම නිවෙස්වල හිමිකරුවන් බවද එම ඉඩම්වල පැවති බංකර් කඩා  ඉවත් කැර අංග සම්පුර්ණ නිවාස ඉදි කැර ඇති බවද  ඔහු කීවේය.