ඩෙන්මාක් හී කෝපන්හේගන් විහාරස්ථානයේ කඨින පිංකම එහි විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර මස 26 වෙනි දින දවස පුරා පැවැත්විණි.
ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් බෞද්ධ විහාරාධිපති කිරිඳිගල්ලේ ධම්මරතන හිමි, මාතලේ ධම්මකන්‍ධ හිමි, බුරුම ජාතික සෝභන හිමි, බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, ඹස්ලෝ බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, ජර්මනියේ බොන් බෞද්ධ විහාරාධිපති සුජාත හිමි යන හිමිවරු ඊට වැඩම කළහ.
ඩෙන්මාක්, ස්වීඩන්, නොර්වේ හා ජර්මනිය යන රටවල බෞද්ධයෝ රාශියක් සහභාගි වුහ.
කඨින පිංකමේ ප‍්‍රධාන දායකත්වය දේවිකා හොල්බෙක් මහත්මිය විසින් දැරිණි.
අවසානයේ අටවිසි බුද්ධ පුජාවක් පවත්වා පැමිණි සැමට මහා සංඝ රත්නය විසින් ආශිර්වාද කළහ.