ඩෙංගුවාට පාසලේ බෝඩිමක්


අම්පාර නගරයේ ප්‍රසිද්ධ පාසලකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දොළහක් සොයා ගත් බව අම්පාර මැලේරියා මදුරු මර්දන ඒකකය කියයි.

  අවදානම් කලාප හතරක කුඩා ළමයින් ඉගෙන ගන්නා පංති කාමර දහයක් පමණ ඇතැයි ද එම ඒකකය පවසයි.

මැලේරියා මර්දන ඒකකයේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී එම් බී ආර් හසන්ත මහතාගේ මෙහෙයමීවෙන් පැවැති සෝදිසියට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු ද සහභාගී වූහ.

මෙම පාසලේ ළමයි  දෙදහසකටත් වැඩියෙන් ඉගෙනුම ලබති.

විදුහල්පති කීවේ පාසලේ ක්‍රියාකාරකම් වැඩි වූ ගෙයින් පිරිසිදු කිරීමට ඉදිරි දිනයක් යොදා ගැනීමට සිටි බවයි.  විදුහල්පතිට අවවාද කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දින තුනක් ඇතුළත පිරිසිදු   නොකළහොත් නීතිමය පියවර ගන්නා බව කීහ.

01(46) 13(11) 16(4)