ඩෙංගුවා හංවැල්ලේ පාසලක් වහයි


හංවැල්ල  පහත්ගම අවට ඩෙංගු රෝගීන්  වැඩී වීම නිසා  හංවැල්ල රාජසිංහ මධ්‍යමහා විද්‍යාලය  සදුදා සිට බදාදා දක්වා වසා  ශ්‍රමදාන මගින්  පාසල් භූමිය හා අවට  පිරිසිදු කිරීමට පාසල් සංවර්ධන කමිටු  විධායක සභාව මගින් තීරණයක් ගත් බව  විදුහල්පති  ජගත් ප්‍රියශාන්ත සුරසේන මහතා පැවසීය.

පාසල අවට ඩෙංගු රෝගීන් 35 දෙනෙකු පමණ වාර්තා වී ඇති බවත් මේ වන විට ඩෙංගු රෝගය වැළදීමෙන් වයස අවුරු 24 තරුණයකු මිය ගොස්  ඇති බවත් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සදහන් කළේය.