ඩෙංගුවා සෞදියටත් පනී


සෞදි අරාබිය තුල ඩෙංගු රෝගය ශීග්‍රයෙන් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි .

2013 වසරේ මුල් මාස හතරේ පමණක් ඩෙංගු රෝගීන් 300 ක් වාර්තා වී ඇති බවත් මේ සතියේ ජෙඩා නගරයෙන් පමණක් ඩෙංගු රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇති බවත් ජෙඩා  භාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමී බද්වූද් මහතා පවසයි.