ඩෙංගු මදුරු උවදුර උත්සන්නවීම නිසා රත්නපුර මහ නගර සභා සීිමාවේ පිහිටි පාසල් දාහතරක්ද, සියලූම උපකාරක පන්තිද ලබන ඉරිදා තෙක් වසා දැමිමට තීරණය කළ බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියයි.
නගර සිමාවේ ජාත්‍යන්තර පාසල් වල ද පාසල් වසා දමන ලෙස ද ඉල්ලා ඇත.
ශාන්ත ඇලෝසියස්, ෆර්ගසන්, සුමනා බාලිකා, මිහිඳු, ධර්මපාල සහ කන්‍යාරාමය ඇතුළු පාසල් දාහතකට අද (21) සහ හෙට නිවාඩු දුන් බවද ලේකම්වරයා කීවේය.ලබන 26 යළි පාසල් විවෘත කැරෙයි.

