ඩෙංගු සටනට කෝටි 40ක්


ඩෙංගු  මර්දනය  සහ  ඩෙංගු   රෝගි   සත්කාරය  වෙනුවෙන්   වසරකට  රුපියල්  කෝටි  40 ක්   පමණ වෙතැයි  සෞඛය  සේවා   අධ්‍යක්ෂ  ජනරාල්   පාලිත  මහිපාල  මහතා  ප්‍රකාශ කළේය.

දිවයින  පුරා   පිහිටි  රෝහල්  වල  රසායනාගාර   පහසුකම්   ක්‍රමවත්   කිරිමටත්  ඩෙංගු   රෝගින්   නිවැරදිව  හඳුනා   ගැනිමටත්   ප්‍රතිකාර   කිරිමටත්   සහ  ගුණාත්මක  බව වැඩි  කිරිමටත් මෙන්ම  වාට්ටුවේම   අධිසත්කාර  ඒකක පිහිටු විමටත්,   ඖෂධ සඳහාත් මෙම මුදල්   භාවිතා  කරන  බව  ඔහු   කියයි.

තද උණ  , හිසරදය,  ඇස්  යට   වේදනාව,  මස්  පිඩු  හා  සන්දි   වේදනාව , ඔක්කාරය  හා  වමනය  සමෙහි   රතු   පැහැ  ලප හට  ගැනිම  ඩෙංගු  රෝගයේ  රෝග ලක්ෂණ  විය හැකි   බැවින් පැරසිටමෝල්  හැර   වෙනත්   වේදනානාශක  ඖෂධ  දිමෙන්   වළකින  ලෙස  ළමා   රෝග  පිළිබඳ  විශේෂඥ වෛද්‍ය   ජයන්ත  වීරමන්   මහතා   පවසයි.

මාර්තු  26 -අප්‍රේල්  01 වැනි  දින  දක්වා   ක්‍රියාත්මක  කිරිමට  සෞඛ්‍ය   හා  දේශිය  වෛද්‍ය   අමාත්‍යංශය   සැරසේ.